X

පිළිකා රෝගය බරපතළ මෙන්ම මූලික අදියරයන්වල දී හඳුනා ගතහොත් සුව කළ හැකිය.

සෙලින්කෝ හෙල්ත් කෙයාර් මධ්‍යස්ථානය පිළිකා පරීක්ෂණය, හඳුනා ගැනීම සහ ප්‍රතිකාර කිරීම සඳහා විශේෂඥතාවය සහ නවීන තාක්ෂණයෙන් සවිමත් ය. 

පිළිකා ප්‍රතිකාර

ශරීරයේ යම්කිසි කොටසක අසාමාන්‍ය ලෙස වර්ධනය වී එය ස්කන්ධයක් ලෙසට පරිවර්තනය වීම පිළිකාවක් ලෙස හඳුන්වයි. අද වන විට පියයුරු පිළිකා, මෙලනෝමා පිළිකා හෝ සමේ පිළිකා, පෙනහළු පිළිකා, ප්රෝස්ටේට් පිළිකා, ලියුකේමියා සහ කොලොන් පිළිකා වැනි පිළිකා වර්ග රැසක් පුරුෂයන්, ස්ත්‍රීන් සහ ළමුන් අතර දැකිය හැකිය. මේ පිළිබඳ ප්‍රතිකාර ලෝකයේ හොඳම විද්‍යාඥයින් විසින් සිදු කරයි.

දශකයන් ගණනකට පෙර මේ සඳහා කිසිදු පිළියමක් නොවිණි. අද වන විට නවීන තාක්ෂණයේ සහය ඇතිව වෛද්‍යවරුන් සහ විද්‍යාඥයින් මෙම රෝගය කලින් හඳුනාගෙන අසාමාන්‍ය සෛල විනාශ කිරීමට ක්‍රමය සොයා ගෙන ඇත.මෙය බරපතළ තත්ත්වයක් සහ ලෝකයේ ම උනන්දුව යොමුව ඇති රෝගයකි. රෝගය කලින් හඳුනාගෙන ඒ හා සටන් කර සාර්ථක ප්‍රතිඵල අත් කර ගත් පුද්ගලයින් ද ඇත. 

ප්‍රතිකාර සඳහා විකල්ප අවස්ථා

ටෝමෝ තෙරපි

ටෝමෝ තෙරපි අද වන විට ලෝකයේ පිළිකා සඳහා ඇති උසස් ම ප්‍රතිකාරය යි. නවීන තාක්ෂණයෙන් අනූන ටෝමෝ තෙරපි අද වන විට ලෝකයේ පිළිකා රෝග සඳහා ප්‍රතිකාර කිරීමට යොදා ගන්නා නිරවද්‍යයතාවයෙන් වැඩි ක්‍රමයයකි. 

Read More

NEWS

logo